51. අශෝක මල් මාල නෙලාලා - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

51. අශෝක මල් මාල නෙලාලා

අසෝක මල්‌ මාල නෙළාලා
අසෝක මල්‌ උයනට වැදිලා
සෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා...//


බලන්න ලක්ෂනයි
වනයේ පිපුණු මලට දෙවෙනි නෑ වගේ
සුරංගනාවියක්ද මේ
කියන්න ආදරේ
කවුද මේ ඔබ තනිව වනයේ ගී ගයා
ප්‍රීති වෙලා.. ප්‍රීති වෙලා..


අසෝක මල්‌ මාල නෙළාලා....

ඔබේ දුගී පැලේ
සතුට සැපත මිහිරි සුවය ඇත ළඳේ
නැතේ මා රාජ මන්දිරේ
නොයන්න ආදරී
ප්‍රේමණීය පෙම්වතෙක්‌ දුකේ නියා
එපා එපා.. රජ සැපා..


අසෝක මල්‌ මාල නෙළාලා....

ලියාවි සිංහලේ
ඉතිහාසයේ අපගෙ පෙම්‌ කතන්දරේ
උනොත්‌ මගේ ප්‍රියම්බරි
අසෝකමාලියේ
සාලි කුමරු මම වෙමි ශ්‍රී සිංහලේ
මනාලියේ.. මනාලියේ..


අසෝක මල්‌ මාල නෙළාලා....
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content