27. පියුමෙහි පැණි බොති - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

27. පියුමෙහි පැණි බොති

පියුමෙහි පැණි බොති වන බඹරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැගෙයි නැගෙන හිරූ

පියුමෙහි පැණි බොති වන බඹරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැගෙයි නැගෙන හිරූ


කුසගිනි හැදුනට ඉඳුල් නොකව්
තණකොල නොබුදිති සිංහ පැටව්
කුසගිනි හැදුනට ඉඳුල් නොකව්
තණකොල නොබුදිති සිංහ පැටව්
කොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
ගවතෙල් නොදමයි රං බඳුනේ
කොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
ගවතෙල් නොදමයි රං බඳුනේ


පියුමෙහි පැණි බොති වන බඹරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැගෙයි නැගෙන හිරූ


ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලකු වෙනවාද කළු කපුටා
ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලකු වෙනවාද කළු කපුටා
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳියී ගිරවියගේ කරේ
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳියී ගිරවියගේ කරේ


පියුමෙහි පැණි බොති වන බඹරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැගෙයි නැගෙන හිරූ

පියුමෙහි පැණි බොති වන බඹරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැගෙයි නැගෙන හිරූ

Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content