26. මා බාල කාලේ - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

26. මා බාල කාලේ

මා බාල කාලේ
අම්මාගෙ උකුලේ
නැළවූණු තාලේ
මට තාම සිහිවේ...//

පෑ ආදරේ මා
හොවමින් තුරුල්ලේ
නෑ හීන වූයේ මෑණී මගේ
ඈ දුන් ඔවාමී..
ගඟුලේම නාමී
මට තාම සිහිවේ
ඇගෙ ගීත රාවේ

මා බාල කාලේ...

ඉගනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා
ඉගනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා

දුරලන්න වංචා-මද මාන ඊර්ෂ්‍යා
මේ වාගෙ මට ඈ....
අවවාද දුන්නා

මා බාල කාලේ...

මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
නංවාලා ස්නේහේ ..
රට දෑ කෙරේහි..
රැකගන්න සැමදා ..
ඇගෙ නාමෙ පුතුනේ..


මා බාල කාලේ
අම්මාගෙ උකුලේ
නැළවූණු තාලේ
මට තාම සිහිවේ
පෑ ආදරේ මා
හොවමින් තුරුල්ලේ
නෑ හීන වූයේ මෑණී මගේ
ඈ දුන් ඔවාමී..
ගඟුලේම නාමී
මට තාම සිහිවේ
ඇගෙ ගීත රාවේ

මා බාල කාලේ
අම්මාගෙ උකුලේ
නැළවූණු තාලේ
මට තාම සිහිවේ
මා බාල කාලේ....
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content