50. ලස්සන අඹ ගසක් සොයාල - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

50. ලස්සන අඹ ගසක් සොයාල

ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං...//


සදාපු කූඩුව මං මුලදි කැඩී බිඳී සිඳී ගියා
ඒ හින්ද තව එකක් සදාලා
ආවේ එක්ක යන්න මං

ඒ වාගේ සැඩසුළං ඇවිල්ලා
යයිද මේ කූඩුවත් කැඩීලා
ඔබ මාගේ ළඟ ඉන්නවානම්
සෝකෙත් සැපක් සේ දැනෙයි

ලස්සන අඹ ගසක් සොයාලා...


රසබර පල වැල නෙලාලා
කූඩුව වෙතට ගෙන ඇවිල්ලා
ඔයාගෙ ළඟ ඉඳන් කවන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ
උදෑසනෙන් මම පිබිදීලා පෙම්බර ගීතයක් ගයාලා
ඔයාගෙ සිත තුටින් තබන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ

ලස්සන අඹ ගසක් සොයාලා...
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content