49. මාගේ පැලේ අදුර නසන්න - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

49. මාගේ පැලේ අදුර නසන්න

මාගේ පැලේ අ‍දුර නසන්න
හිතෙනවා මනාලියක් ගෙනෙන්න
නිවස පුරා එළිය කරන්න
මට විනෝදයෙන් කාලෙ ගෙවන්න...//


උපන් රටේ අගලක් නැත මගේ කියන්න
මම අසරණයෙකි අතරමං උන
ඔය ඉර හද දෙකටත් බැරිවිය අදුර නසන්න
මම තරැවක් අද අහසෙ පාවෙන
ඔය ඉර හද දෙකටත් බැරිවිය අදුර නසන්න
මම තරැවක් අද අහසෙ පාවෙන


මාගේ පැලේ අ‍දුර නසන්න...


රෑප රාජිණියො කුමරියෝ මම සොයන්නෙ නෑ
ඔය ඉඩම් කඩම් මම බලන්නෙ නෑ
ඔය කුල-මල දෑවැදි කිසිවක් මම සොයන්නෙ නෑ
ගුණවත් ලළනාවක් තාම දැක්කෙ නෑ
ඔය කුල-මල දෑවැදි කිසිවක් මම සොයන්නෙ නෑ
ගුණවත් ලළනාවක් තාම දැක්කෙ නෑ


මාගේ පැලේ අ‍දුර නසන්න...


මගේ පැළේ ඇද පුටු නැත සැපට සිටින්න
නැත සිනිදු සේල හැඩට අදින්න
ඔය රන් මිණි මුතු මාල වළලු නැත පළදින්න
මම දුප්පත් බව නිතර සිතන්න
ඔය රන් මිණි මුතු මාල වළලු නැත පළදින්න
මම දුප්පත් බව නිතර සිතන්න


මාගේ පැලේ අ‍දුර නසන්න
හිතෙනවා මනාලියක් ගෙනෙන්න
නිවස පුරා එළිය කරන්න
මට විනෝදයෙන් කාලෙ ගෙවන්න...//



Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content