28. මී අඹ වනයේ - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

28. මී අඹ වනයේ

මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින
තාලෙට කොහොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන
හින්දද ඇස් දෙක නළවන්නේ


සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනවද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යලි නොපෙනී යනවා
සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනවද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යලි නොපෙනී යනවා


මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින
තාලෙට කොහොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන
හින්දද ඇස් දෙක නළවන්නේ


බද වට සුදු ඔසරිය පටලා
මල් පොකුරක් ඔබෙ අත තබලා
ළගදිම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා
බද වට සුදු ඔසරිය පටලා
මල් පොකුරක් ඔබෙ අත තබලා
ළගදිම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා


මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින
තාලෙට කොහොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන
හින්දද ඇස් දෙක නළවන්නේ
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content