13. වනදෙව්ලිය තුරුලේ - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

13. වනදෙව්ලිය තුරුලේ

වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙර කල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ


සිත පණ ගන්නවන හදෙහි නිදන් වන
රූ බර ළඳුනගේ මද හස පෙන්වන
සිත පණ ගන්නවන හදෙහි නිදන් වන
රූ බර ළඳුනගේ මද හස පෙන්වන
කළා වැවේ සුළඟින්
ඇගේ ගත සලිත වෙලා
කලා රසික හෙලයන්
සීගිරි අඟන නෙලා


සඳ වැනි මුව ඇති රූබර ළඳුනගේ
කලා රසය ලොව හඬගා කියමින්
සඳ වැනි මුව ඇති රූබර ළඳුනගේ
කලා රසය ලොව හඬගා කියමින්
දහස් ගණන් නරඹා
සීගිරි බැස යනවා
කළා රසය හොබවා
සිතුවම් පවතිනවා


වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙර කල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content